Saturday, March 20, 2010 by සචී

නිමිත්ත: "ඔයා හිතන්නෙ ඔයා ගැන විතරයි.
ඔයා මගේ ජීවිතේ අපායක් කරනව.."
උදේ බස් නැවතුමේ දි යුවතියක්
සිය ජංගම දුරකතනයට....


ඔයා පොළොව වෙනකොට
මම හඳ...

මම එළිය හින්දවත්
මුදු හින්දවත්
සිසිල හින්දවත් නෙමෙයි..

පරිභ්‍රමණය වන ඔයා වටේම
ඔයා දිහා බලාගෙනම
භ්‍රමණය වෙන හින්ද

01/02/2010

Posted in | 0 Comments »

No comments:

Post a Comment