Sunday, March 14, 2010 by සචී
දෙව් මැදුරේ ඉඩ මදි වී....
ඉවත දැමූ
දෙව් පිළිමය...
බෝ අදරින් දෝතට ගෙන...
වැකී තිබුණු මඩ පැල්ලම්..
රජස් කිළිටි..
සෝදා හැර...
සිය හදවත ගඳකිළි කොට
වැඩ හිඳුවා....
අගිල් කපුරු දුම් අල්ලා...
සෙනේහයෙන් රැක ගත්තී.....

ගත වී ගොස් බොහෝ කලක්...
හද දෙවොලේ කඩතුරාව
අහම්බයෙන්
මඳ සුළඟට වැනී ගොසින්...
පිළිමය වැඩ හිඳ වූ තැන...
නෙත් අබිමුව දිස් වූ සඳ...
කෝ...ඒ තුළ කිසිවක් නැත......
කෙලෙසක අදහා ගන්නද....
දෙව් පිළිමය හොරු ගෙනිහින්....
තව දෙවොලක හිඳුවන්නට......!!!!!!!!

24 - 09 -2009
Posted in | 0 Comments »

No comments:

Post a Comment