Saturday, March 20, 2010 by සචී

මාවත අද්දර
විසල් මැඳුර වටකළ
තාප්පයේ විවරයක
පැළවී
ලස්සනට
දළු දමමින් තිබුණු
කාක බෝ පැළය
බලන කොට
මිය ගිහින්.
ඒක හොඳයි
සුදුසු නැහැ එතන
බෝ ගහකට.

12/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment