Saturday, March 20, 2010 by සචී

පොල් අතු රටා හිටින්ට
අපූරුවට
අතුගාල තිබුණු මිදුල
කොහේදෝ නැති
හුළඟක් ඇවිත්
හැඩි කරල ගිය හැටි!

කොළ රොඩු හැම තැනම...

හුළඟ දන්නෙ නෑනෙ
අතුගාගන්ට තියෙන අමාරුව!

31/01/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment