Saturday, March 20, 2010 by සචී

ඔබ

සුළඟක්ව සපැමිනිය

වැසූ කවුළු බිඳදමා

සුසුමක්ව නික්මුනිය

බිඳුනු කවුළුව මට තබා!

-රසිකා ගුණවර්ධන


හැර තිබුණු කවුළුව

සුළඟක් පැමිණ නික්මුන

වසා ලූ කවුළුව

ඇතුළ සුසුමක් හිරවුන

-සමර විජේසිංහ


සුසුමකට නික්මෙන්ට

හැර දැමුණු කවුළුව

ඔබ සුළඟ වී පැමිණ

වසා ගිය ඉක්මන!

-සචී


12/02/2010

Posted in | 0 Comments »

No comments:

Post a Comment