Monday, March 22, 2010 by සචී

මගේ
සිත් වෙරළ දිග
බරැති අඩි තබ තබා
නොසිතා ඇවිද ගිය
ඔබේ
පා පතුල් වැද
ගැඹුරු සටහන් ඇඳී
කඩතොළුව ගිය පසුව,
දහිරියේ රළ ඇවිත්
සුමට කළ
වැල්ල මත
සෙමින් පා නගා යමි
යළි නොපෑරෙන විලස

23/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment