Sunday, March 14, 2010 by සචී
විලක් තිබුණා නිසලව
පස් පියුම් නැතිවද
ඔහේ හැමුවා මඳ නල
කාලය ගෙවුණි හෙමිහිට

කොහේදෝ සිට පියඹා
විල වෙත පැමිණ තිසරෙක්
වැසූයෙන් දිය මතුපිට
කැළඹී නැගිණ දිය රැළි

තිසරු සිය තුඩගෙහි
රඳවා ගෙනා පියුමක්
විල් ජලය තුළ කිමිදී
පැළ කළා සිය අංකුර

කෙමෙන් දින සති ගෙවුණි
පියුම් කැකුළක් මෝදුව
බලා හිටියා හෙමිහිට
දිය මතු පිටට එන්නට

පිපෙන්නට පළමුව
කැකුළත් නෙළා තුඩගින
පියඹා ගියා තිසරුන්
විල දැන් විපිළිසරයෙන්


30/01/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment