Saturday, March 20, 2010 by සචී

මිදුලෙ සේපාලිකා ගහේ
පිළිලයක් හැදිල
මලකුත් පිපෙන්න එනව
ලස්සන මලක් වෙන්න ඇති.
හානියක් නැති වෙයි හිතල
තියෙන්න ඇරියත්
දැන්නම් සිද්ද වෙනව
ගලවල විසි කරන්න.
මරන්න දෙන්න පුළුවන්ද
පිළිලයකට
මේ තරම් ආදරෙන් හදපු
සේපාලිකා ගහ?

08/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment