සීමා...............!

Tuesday, February 14, 2012 by සචී
Posted in | 4 Comments »

වෙනස....

Saturday, February 11, 2012 by සචී
Posted in | 0 Comments »

-මිතුරු හමුව....!

Saturday, February 4, 2012 by සචී


Posted in | 4 Comments »

බලාපොරොත්තුව.......!

Saturday, January 28, 2012 by සචී
Posted in | 1 Comment »

ආලෝක.....

Saturday, November 12, 2011 by සචී

Posted in | 3 Comments »

Sense..?

by සචී
Posted in | 0 Comments »

චක්‍ර....!

by සචී
Posted in | 0 Comments »

පිනි කඳුළු....

by සචී
Posted in | 0 Comments »

දුම්රිය මගීන්....!

by සචී
එදා අප සමග එක්ව ගිය වුන්
අද එකම දුම්රියේ
වෙනත් මැදිරියක යති…
ගමනේ ආරම්බයත්…. අවසානයත්
එකටම සනිටුහන් වන මුත්
අප යන්නේ වෙන වෙනමය
"කට කටස්…කට කටස්"
දුම්රිය මැදිරි දෙදරද්දී
හිත නම් හීරුනා
ඒත් මං හිනැහුණා…
"6 වැනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය
කොළඹ කොටුවට පමණයි"
යකඩ කට පැවසුවා
- නිමන්තා ලියනගේ


එකම දුම්රියේ වුව
වෙන වෙනම මැදිරිවල
යනෙ’න අය වාගේ ම…
එක ම මැදිරියේ නැග
ලඟින් හිඳ යන අය ද
හැම විටෙක
තම ගමන
තනි තනිව
නිම කරති…!
- සචී

10/08/2011

Posted in | 0 Comments »

Hope..!

by සචී
Posted in | 0 Comments »

කෙළෙහිගුණ..!

by සචී
Posted in | 0 Comments »

Mutual Misunderstanding..!

by සචී
Posted in | 1 Comment »

චන්ද්‍රමණ්ඩල

by සචී

Posted in | 0 Comments »
by සචී
Posted in | 0 Comments »
by සචී
Posted in | 0 Comments »
by සචී
Posted in | 0 Comments »
by සචී
Posted in | 0 Comments »

නොදත්කම.....

Monday, February 28, 2011 by සචී
බබලන නිල් අහස
සිසාරා
පියාඹන විට
හිතෙන්නේවත් නැතිව ඇති
කළුකරගෙන වහින බව
තව ටිකකින්...

01/03/2011
Posted in | 3 Comments »

'නපුරු පාලකයෝ තුන්දෙනා'

Tuesday, February 22, 2011 by සචී
කියවමි නැවත
ආසාවෙන් කියවූ කුඩා කල..
'නපුරු පාලකයෝ තුන්දෙනා'

මෙවර කතාවේ
නටන පාද ලා බොහෝ ය..
භූගෝල ගුරුවරුද අසරණව..
නහය උඩ
කුරුලෑව පමණක් ඇතිව..
ඔටුන්න හිමි ටුට්ටි
තවම බොළඳය..
කවදාවත්
වැඩිහිටි නොවන පාට ය..

මහළු අව්ගුස්ටෝ
කොහිද?
සර්කස්කාර ටිබුල්
අතුරුදන් වී වත් ද?
සුන්දර සුවනී
නොමැත ඉපදී තවම.

අහසේ තරු අල්ලන්නට
වැලි මිරිකා වතුර ගන්ට
පුළුවන් අර්නේරිලා
නැත
යන්නට ගොසිනි රට හැර.

ප්‍රොස්පේරෝ
එන්න
බලා ඉන්නෙමු අපි
එනතුරා ඔබ
නිල් ඇස් සහිත
සෙබළා ද කැටිව.

23/02/2011
Posted in | 1 Comment »

So long...!

by සචී
ගිලිහී යන මල් පෙත්තක..
විසිරී යන වළා රොදක....
මිහිරියාව
සිතට දැනුන
ලියා තබමි හිස් අහසක

වියැකී යන පිනි බිඳුවක...
පාවී යන වරා මලක...
සුන්දර බව
සිතේ ඇඳුන
ලියා තබමි හිස් අහසක

බැස යන හිරු රැස් දහරක..
ලිහී වැටෙන තරු කැටයක..
අසිරිසිරිය
සිතේ මැවුණ
ලියා තබමි හිස් අහසක

වෙන්වී යන සෝ සුසුමක..
ගලා හැලෙන උණු කඳුළක..
ළෙංගතුකම
සිතේ රැඳුණ
ලියා තබමි හිස් අහසක....!

22/02/2011
Posted in | 0 Comments »

Towards the End.....!

Monday, February 14, 2011 by සචී
එක දිගට
ඇද හැලුණු
මහ වැස්ස යට පිපුණු
කහ පාට මල් වියන...
මිලානව ඇද හැලී
තැනූ පාවඩ පලස...
නොපාගා
සීරුවට පිය නගා ඔබ යන්න...
අන්තිමට ඉතිරි වුණ
තවත් මල් දෙක තුනක්..
හෙට විතර වැටෙන්නට..
මග බලන්...
දුක් බරව...!

14/02/2011
Posted in | 0 Comments »

ඇලීම..........

Monday, January 17, 2011 by සචී
ඇවිත් යන
දිය රළට තෙමෙමින
වෙරළෙහි ගල්පරය මත
ඇලී ගත් වනම
නොසැලී හිඳින මට්ටි......

18/01/2011
Posted in | 0 Comments »

Bathing Crows........

Wednesday, January 12, 2011 by සචී
මග යනෙන
අන් අයද
තෙතබරිත කරවන.....
මාවතේ එකතු වුණ
දිය කඩක බැසගත්ත
කපුටු රංචුවක
ස්නාන ප්‍රීතිය..!

12/01/2011
Posted in | 0 Comments »

The Train.............

Saturday, December 11, 2010 by සචී
අප
දුම්රිය පොළෙන් පිටවන
පියගැට පෙළ බසින විට
එතෙක් එක් වී පැමිණි
අන් අය රැගෙන
වේදිකාව ද පසුකොට
ඇදී යන්නීය දුම්රිය
හෙමිහිට
අප වෙතින් ඈතට..................


11/12/2010
Posted in | 1 Comment »

Repaid bravery....!

Saturday, December 4, 2010 by සචී
නොකඩවා
ඇද හැලෙන වැස්සට
මුහුණ දීගෙන උන්නු හින්දම
කිළිටි දූවිලි පොදක්වත් නැති
පිච්ච වැල......
කිරි සුදෙන් බැබලෙන...!


04/12/2010
Posted in | 0 Comments »

Fate..?

Saturday, November 20, 2010 by සචී
වැටත් නියරත්
තරඟෙට..

අපරාදෙ නිල්වන් ගොයම
වැඩීගෙන ආ
සරුවට...!


20/11/2010
Posted in | 0 Comments »

Disappointment......

by සචී
ඔබ වම'ත
වෙදැඟිල්ලෙ ලූ මුදුවෙන්
පරාවර්තිත
හිරු කිරණ කදම්බය
දවා අළු කළා
මගෙ හිත...!


20/11/2010
Posted in | 0 Comments »

සම්‍යක්‍රියා

Thursday, November 4, 2010 by සචී
කැපූ දා සිට
මල් පැපොල් ගස
ගත පුරා මල් පැළඳගෙන
ඒ ළඟින් උන් පිච්ච වැල...

05/11/2010
Posted in | 0 Comments »

Disappointment...

Tuesday, October 5, 2010 by සචී
තුරු හිසක
අතු පතර රැඳවුණ
සරුංගලයක්

ඈත අහසට
යොමාගත් නෙත
පාළු බැල්මක්

05/10/2010
Posted in | 1 Comment »

බලාපොරොත්තුව...

by සචී
පිපී සුළඟේ නටන
උක් මලක්...
අසල ඇති
දිය තලය මත පෙනෙන
ඇගේ රුව
කිමිද යන කෙකින්නක්
විලස ගෙන
ඈ දියෙන් මතුව එන
මොහොත දැන් දැන් වෙතැයි
උණුසුම් ව
නොසෙල් වී
ඒ දෙස ම
බලා හිඳිනා කොකෙක්...

02/10/2010
Posted in | 1 Comment »

බක තපස්.....

Tuesday, September 21, 2010 by සචී
බොර දියේ පිපුණු
ඕලු මල් අසල
දැහැන් ගත වූ කොකා
දකින්නට නැතිව ඇති
ඕලු කොළ යට නටන
තිත්ත පැටවුන් රෑන..?

21/09/2010
Posted in | 4 Comments »

බිනර.....!

Monday, September 13, 2010 by සචී
සුළඟේ සැලෙන
කහපාට කොළ අතරින්
එබිකම් කරන
අලුත් බිනර උණ රිකිලි....

13/09/2010
Posted in | 0 Comments »

සෙක්කු..!

Wednesday, September 8, 2010 by සචී
එකම වට
නැවත නැවතත් සපුරන
ගොනු දැක
අන් කුමක් කරන්නද
ක්ලාන්තව
ඇද වැටෙනු හැර
සෙක්කු ගල..!

ප්‍රස්තුතය: උදේ සවස යන එන විට දකින
ඇද වැටුණු සෙක්කු ගලක්.

08/09/2010
Posted in | 0 Comments »

Again..!

Wednesday, September 1, 2010 by සචී
ඔන්න ආයෙත්
හැර දැමුණු
කවුළුවෙන් ගෙට ඇවිත්
ඇට්ටේරියා සුවඳැ'ති
සීතල සඳ පහන...

2010/09/01
Posted in | 2 Comments »

සඳ පහන.....

Friday, August 27, 2010 by සචී
ගොඩ බිමට පාර කී
පහන් ටැඹ
විහිදි එළියට වඩා
සරැළි දිය මත දිලී
දියඹ වෙත මග කීව
සඳ පහන
රසඳුනක් වූ අරුම..!

නිමිත්ත: පසුගිය ඇසළ පෝදා සැන්දෑවේ පොල්හේන වෙරළේ දී දුටු සොඳුරු දසුන
Posted in | 1 Comment »

....................!

Thursday, August 12, 2010 by සචී
කොඳ කුමුදු පිපෙන්නේ
සඳ කිරණ වැදී මිස
කණමැදිරි එළියටැයි
කවුරුවත් කීවාද...?

පෙර'ඹරින් හිරු නැගී
අලු විහිදි කල විනා
මැටි පහන් එළියකට
නෙළුම් මල් පිපුණා ද..?

13/08/2010
Posted in | 0 Comments »

වැරදීම...!

Wednesday, August 4, 2010 by සචී
බාගෙට ඉදුණ
ජැම්සන් ගෙඩියක්
කෑව පැණි කුරුල්ලෙක්
බැණ අඬ ගාන්නටත් නොහැකිව
හොට ඇලී
කේන්තියෙන්......

04/08/2010
Posted in | 0 Comments »

පැටලීම....!

Friday, July 30, 2010 by සචී
උදෑසන
තණ බිස්ස මත
මකුළු දැලක රැඳවුණ...
හිරු රැස් වැදී දිලිසෙන
පිනි බින්දුවක්....
එහි රුවින් මත් වී
තමාගෙම වියමනෙහි පැටළුන
මකුළුවෙක්....!

30/07/2010
Posted in | 3 Comments »

Rejuvenation...

Saturday, July 17, 2010 by සචී
සඳලුතලයට විහිදුණ
කොස් අත්ත
පා කරන්නිය සුළඟට
වරින් වර
සිය වියළි කොළ..
ඉඩ දෙනු පිණිස
අලුත් දළු වලට.

17/07/2010
Posted in | 1 Comment »

ඇසළ සඳ..

Friday, July 9, 2010 by සචී
නළල දිග
සින්දූර ගලා ගිය
කළුම කළු දැළි සුසුම්
අහස් කුස ඉඹ ගත්ත.....,
පාළු මූසල රෑක
වෙඩි වැදී
තනි තරුව බිම වැටුණ....,
කඳුළු මතකය අරන්
හෙමි හෙමින් නැගෙනවා
ඇසළ සඳ...!

09/07/2010
Posted in | 3 Comments »

Lovely jealousy..!

Wednesday, July 7, 2010 by සචී
හිරු දැක පිපුණ
මහනෙල් කැකුළ අබියස
ඉරිසියාවෙන් රතුව
බත් කූරෙක්....
මහනෙල් කැකුළ
ඒ ගැන තුටින්...
මඳ සිනා පාමින්...

07/07/2010
Posted in | 1 Comment »

පොද වැස්ස....!

Monday, July 5, 2010 by සචී
අද පිපී
හෙට මියෙන
අහිංසක
බිම් මල් රැගෙන
ආයෙමත් ඇවිත්..
සියුම් තුඩු දහසක් වගේ
මුහුණත වැදෙන
හීනි පොද වැස්ස....!

05/07/2010
Posted in | 0 Comments »

Negligible.......

Sunday, July 4, 2010 by සචී
දියවෙලා තියෙන ලුණු
නොසළකා හැරිය විට
සප්ත මහ සාගරේ
පිරෙන්නම ඇත
වතුර..!

30/06/2010
Posted in | 7 Comments »

ලේනා

Sunday, June 27, 2010 by සචී
අත්තෙන් අත්තට
පනින ලේනා.
රෑ පුරා එකතු වී
අතු අග රැඳී හිඳ
බිම පතිත වෙන
සඳ කඳුළු ගැන
වගකුදු නැතිව...!

27/06/2010
Posted in | 0 Comments »

Why should I..?

Saturday, June 26, 2010 by සචී
මම කුමට
ලිය ළදල්ලක් වෙම්
නුඹ හමායන විටදි
සසැලෙන

මම කුමට
නා ලියක් වන්නෙම්
නුඹ වයන තාලයට
නැටවෙන

ප්‍රස්තුතය: දුම් රිය පොළේදි යුවතියක් හැඬුම්බර හඬින් සිය ජංගම දුරකතනයට..
"මට තවත් ඔයා ගහන පදේට නැටවෙන්න බෑ..."

26/06/2010
Posted in | 0 Comments »

Someday....!

Wednesday, June 23, 2010 by සචී
හිම ගිර ද
ග්ලැසියර ද
කවදාක හරි
සැඩ හිරුරැස් වැදී
දියවී යන්න නියමිත....

කවදාක හරි...!

23/06/2010
Posted in | 0 Comments »

Raavan...

Saturday, June 19, 2010 by සචී
ගල් ගැහුණු සිරුරකට
පණ ගැහෙන හදවතක් තිබුණා
රකුසු නෙත් කෙවෙණි යට
කඳුළු බින්දුවක තෙත දැණුනා

සංසාර සෙවණැල්ල
ගිනි පිරික්සුමක වැද දැවුණා
පෑ සුරත දිග මදි ය
නුඹව සදහටම මග හැරුණා

ප්‍රස්තුතය: මනි රත්නම් ගේ 'රාවණ්'

19/06/2010
Posted in | 0 Comments »

සමාප්තිය...!

Wednesday, June 16, 2010 by සචී
දැල්වෙමින් හුන් මැටි පහන...
බොහෝ සුදීප්ත ව
නිමේෂයක්...
එක්වනම
අලුවට සමු දුන්නා ය
අළු ඉතිරි කොට ගෙන....

16/06/2010
Posted in | 0 Comments »

පුනරුත්පත්ති....!

Monday, June 14, 2010 by සචී
බොහෝ කලකට පෙර
අකුණු සර පතිත වී
හිස...
මිය ඇදුණ නුග ගසෙහි
කඳ මත
සරුවට වැඩුණු පඳුරක
නම නොදත් රතු මලක්
මනාව පිපී...
සුළඟෙහි වැනෙමින්...!

14/06/2010
Posted in | 2 Comments »

නුඹ....!

Sunday, June 13, 2010 by සචී
නුඹ
මගේ හද උපන්
සියපත ය
කිසිම දා කිසිවෙකුට
නෙළා ගන්නට නොහැකි...

නුඹ
මගේ සිත් අහස
තාරපති
වළාකුළකට කොහෙත්
වසා ගන්නට නොහැකි...

නුඹ
ම'හද වෙරළ රැඳි
මුතු කැටකි
කිසිදු රළ පහරකට
රැගෙන යන්නට නොහැකි...

නුඹ
ම'සිත නිබඳ දිලි
පහන් සිල
කිසි පවන් රැල්ලකට
නිවා ලන්නට නොහැකි...

13/06/2010
Posted in | 4 Comments »