Anticipation....

Saturday, March 20, 2010 by සචී

පොද වැස්ස වැටුණාම
මල් කැකුළු පිපුණාට
දැවෙන ඉර
රැගෙන එන
පණිවිඩය
ඉඩෝරය ළඟ බව.

මඳ පවන රළු වේ ද...
දිය කඳුරු වියැළේ ද..
මල් පඳුරු මියැදේ ද..
විහඟ ගී ගොළු වේ ද...

ජීවිතය නවතී ද.....?

18/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment