~එරන්දතී~

Saturday, March 20, 2010 by සචී

පඩිපෙළේ දුවැවිත්
පය ලිස්සා
වැටී
හඬන්නී මා දියණි
කියල තියෙනව නේද
දුවන්න එපා පඩිපෙළේ?’
ඉතිං මං දිව්වද?’
එහෙනම් වැටුණෙ?’
(
කඳුළු අතරින් ම)
මම දිව්වෙ නෑ අම්මා
දිව්වෙ මගෙ කකුල් දෙක!

10/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment