Wednesday, April 7, 2010 by සචී
ඊයෙ තද දම් පාට
නමුදු
අද සුදු පාට
තන්බ'ජියා මලක්......
ඒ අසල,
හිත රිදී
තරහවෙන් රතුව ගිය...
වෙනතකට නෙත් යොමාගෙන හිඳින කටුස්සෙක්....
නොමැති බව මල අතෙහි
කිසි වරද
ඌට කියනුයෙ කවුද..?

07/04/2010
Posted in | 1 Comment »

1 comment:

දුකා said...

පාට වෙනස් කරන මලක් . ..
පාට වෙනස් කරන කටුස්සෙක් . . .
කාට කාව අඳුනා ගත හැකිද නොදැන . .

Post a Comment