Friday, April 30, 2010
by සචී
ඊයෙ රෑ ඉකි බින්ද
අහස ගැන
වගක් වත් නෑ වගෙයි
කවුළුවෙන් එබීගෙන
සිනාසෙන
නැවුම් අලුයම් හඳට...!
01/05/2010
Posted in |
Friday, April 30, 2010
by සචී
නුඹ
බක් මහ.
ඇවිත් ගිය දා පටන්
මගේ හිත් අහසේ
අකුණු...!!
01/05/2010
Posted in |
Thursday, April 29, 2010
by සචී
ඊයෙ තිබුණු
මන්දාරමේ හැටියට
කොහොමවත් හිතුණෙ නෑ
දකින්නට හැකියැයි
අද
මේ තරම් පැහැදිලිව...
29/04/2010
Posted in |
Wednesday, April 28, 2010
by සචී
හමා යන සුළඟේ
පාව ආ වරා මල
මුදුව සිපගෙන කොපුල
සෙමින් බැස පොළොවට
නිදයි වැතිරී
මා දෙපා මුල
28/04/2010
Posted in |
Monday, April 26, 2010
by සචී
නිල් පාට අහසක පාවෙන
සුදු පාට වළාකුළු එක්ක
අපූරුවට ගැළපෙන
කහපාට ගම්මාළු මල්...
27/04/2010
Posted in |
Saturday, April 24, 2010
by සචී
තදින් වියවුණ
රුක් ගොමු අතර
හැංගි මුත්තං වැරදුණ
සොඳුරු උඩවැඩියා මලක්....!
24/04/2010
Posted in |
Saturday, April 24, 2010
by සචී
මහ වැස්ස......
දියබත් ව යන බව
දැන දැන ම
හිස ඔසොවගෙන
බිම් මල......!
24/04/2010
Posted in |
Wednesday, April 21, 2010
by සචී
'අයාලේ ගිය සිතක සටහන්'
කියවන
මගෙ අයාලේ ගිය හිතට
හොරකු යැයි රැවටුණ
කිරළෙක්
අන්න හඬාගෙන අහසට....!
22/04/2010
Posted in |
Tuesday, April 20, 2010
by සචී
නිල් ම නිල් අහස යට
කොළපාට තුරු වියන
මැදින් අහසට නැගුණ
කණකොකා ගේ සුද...!!!!!!!!
20/04/2010
Posted in |
Tuesday, April 20, 2010
by සචී
මද්දහනේ
ගිනිගත්ත ඉර යට
කකියන මහමග මැද
ඈතින් පෙණුන ජලකඳ
ළඟට ගොස් බැලු සඳ
ගෙන ගොස් තිබුණි කවුරුද....!
20/04/2010
Posted in |
Tuesday, April 20, 2010
by සචී
පර වී ඇද හැලෙන
ඇහැළ මල් පෙති සමඟ
තරඟෙට
ඉදුණු මැයි මාර කොළ...!
20/04/2010
Posted in |
Friday, April 16, 2010
by සචී
දැල්වුණු බඹර චක්‍රය
සුන්දරව
කැරකෙමින් හිඳ...
නිවී ගියේය සදහට
දෑස් අබියස එළි පුළිඟු ද
ගෙබිම මත පිළිස්සුම් ලකුණු ද
මඳකට
ඉතිරි කොට..
16/04/2010
Posted in |
Friday, April 16, 2010
by සචී
අඳුර.
දැල්වූ සැණින්
තාරුකා විහිදුවමින්
දැවී ගිය නිලා කූර.
නැවතත්
හාත්පස දැඩි අඳුර..!
16/04/2010
Posted in |
Thursday, April 15, 2010
by සචී
අහස්කූරක නැගී ගොස්
දසත විසිරී
නැවත පොළොවට එන
තරු අතර
එකකට..
පාර අමතක වී
අහසේම නතරව....
මා දිහා බලාගෙන.....
15/04/2010
Posted in |
Tuesday, April 13, 2010
by සචී
ගහෙන් ගහට
යන සියොතුන් දැක්කාම
ඇහෙන් ඇහැට දුක ගලනා
හැම දෙන ම
රැසෙන් රැසට
හිරු යන හැටි දුටුවාම
දොරින් දොරට
සුබ පැතුමන් දෙන අරුම....!!!!
13/04/2010
Posted in |
Monday, April 12, 2010
by සචී
නුඹ අහස...
පායාවි යි සිතන විට
වහින..
වහීවි යි සිතන විට
පායන..!
12/04/2010
Posted in |
Monday, April 12, 2010
by සචී
ගලාගෙන යන ගඟ
හරස් කොට
බැන්ද පොඩි වේල්ලට
නවතන්ට හැකි වේද
ඒ උඩින් ගලා යන,
මහ වැසි රැගෙන ආ ජල කඳ..?
12/04/2010
Posted in |
Saturday, April 10, 2010
by සචී
අද හවස
කඩා දමන්නට නියමිත
මකුළු දැල
යුහුසුළුව බඳින
මකුළුව..
මට දුකයි උඹ ගැන....!
11/04/2010
Posted in |
Friday, April 9, 2010
by සචී
එළිය දෙසට පිටුපාගෙන
අඳුර දෙසට නුඹ යන සඳ..
නුඹට ඉදිරියෙන් හිඳගෙන
නුඹේ තනිය දුරු කළ මුත්....
එළිය වෙතට යන ගමනේ
නුඹ පසුපස එන මා ගැන
නොතැකුවාට
තරහක් නැත...
10/04/2010
Posted in |
Friday, April 9, 2010
by සචී
රිදුණ සැණෙකින්
'ඉතින් නම් නොනැගිටිමි' යි හිතාගෙන
හැකිළෙන....
වැඩි වෙලා යන්ට පෙර
අමතකව සියල්ලම
නැවත නැගිටින....
මෝඩ නිදිකුම්බා පඳුර
09/04/2010
Posted in |
Friday, April 9, 2010
by සචී
අහස සූරාගෙන
ඇද හැලෙන වැස්සටත්
බැරි වෙන හැටි
හෝදලා දමන්නට
හිත් මළ..!
09/04/2010
Posted in |
Wednesday, April 7, 2010
by සචී
ඊයෙ තද දම් පාට
නමුදු
අද සුදු පාට
තන්බ'ජියා මලක්......
ඒ අසල,
හිත රිදී
තරහවෙන් රතුව ගිය...
වෙනතකට නෙත් යොමාගෙන හිඳින කටුස්සෙක්....
නොමැති බව මල අතෙහි
කිසි වරද
ඌට කියනුයෙ කවුද..?
07/04/2010
Posted in |
Tuesday, April 6, 2010
by සචී
කලලේ උපන
කලලේ වැඩෙන
කලලේ මියෙන
එසේ වුව...
කිසිම දින
කලලේ නොගෑවී
නිකසලව සිනාසෙන
උස් ව පිපි
නෙළුම් මල...!
07/04/2010
Posted in |
Tuesday, April 6, 2010
by සචී
ගණ අඳුරු රාත්‍රියේ
හාත්පස එකලු කළ
විදුලි අකුණ නොවන්නට
කොහොම දැක ගන්නද
රහසෙම පිපුණ
සොඳුරු කඩුපුල් මල......
06/04/2010
Posted in |
Tuesday, April 6, 2010
by සචී
නුඹ..
මහා නෞකාව....
ඒ නැවේ
අවරපෙති ළඟ
දැවටුණ
කොල්ලෑව වත් නැති
ඔරුව
මම...!
04/04/2010
Posted in |
Tuesday, April 6, 2010
by සචී
අමාවක රෑ
පාළුව මැකුව
කුඩා තරු කැටය...
රැවටුණේ ඇයි
ආදරේ යැයි
කළුවර අහස..?
04/04/2010
Posted in |
Tuesday, April 6, 2010
by සචී
අධි බලැති
විදුලි බුබුල ළඟ
විහිළු කරනවද
පුංචි ඉටි පන්දම...?
04/04/2010
Posted in |
Thursday, April 1, 2010
by සචී
මහමඟ විසුල
සොඳුරු මල් පාවඩය
නොපාගා යන සඳ...
කොයි තරම් අපූරු ද....
හිස මතට
ඇද හැලුණු....
පුංචි කහ මල් වැස්ස....!
01/04/2010
Posted in |