Negligible.......

Sunday, July 4, 2010 by සචී
දියවෙලා තියෙන ලුණු
නොසළකා හැරිය විට
සප්ත මහ සාගරේ
පිරෙන්නම ඇත
වතුර..!

30/06/2010
Posted in | 7 Comments »

7 comments:

Shadow/හේමලයා said...

දියැවී තියෙන කුණු
මොහොතකට අමතක කෙරුවොත්...
බේරේ වැවේ ඇත්තේද
වතුරමය.........
මුසුවී තියෙන ආශාව
මොහොතකට අමතක කෙරුවොත්
හදවතේ ඇත්තේද
ආදරයමය.......

සචී said...

@ Shadow:
You hit the nail correctly! :)
But it was not 'desire'or 'lust' I meant by salts...what I meant was 'limitations' we ourselves have put..!

Loku said...

හිතන්න හිතෙන හිතිවිල්ලක්
හිතන්න නොහිතෙන වෙලාවක්
කරන්න තියෙන දේ කප්පරක්
මේසෙ උඩ කඩදහි කන්දක්

හවස...

හෙට උදේ... වැඩ ටික ඉක්මනින් කරන්න තවත් හේතුවක්..!

තුති

සචී said...

තුති ලොකු අයියා!

Loku said...

මෙන්න නංගි මගේ දුප්පත් හිතිවිල්ල...

තරඟ නගා
මුකුළු වෙලා
ගඟක ගල ගලා
දුවන නටන
ගීත ගයන
බිංදු විසුරලා

සයුර සිඹින
හාදු පුදන
දියේ හැංගිලා
යාන්තමට
‍තිබේ තිබේ
ලුණුත් මුසුවෙලා

වලාකුලක
සෙමෙර සළුව
ලෙසට ඉගිලිලා
දුවන දියට
නැග අහසට
හෙමින් ගිලිහිලා

යන්න කියා
පිරිසිදු වී
ඔහේ පාවෙලා
තියා ගනී
මුහුද ලවණ
රසය හංගලා

අහස අඬන
වැහි දවසක
බිංදු බිඳු වෙලා
උල්පතකට
ලිඳ ඇතුලත
රැඳෙන එක්වෙලා

දිය දෝතක
සිහිල සුවය
හිතට ලංවෙලා
දුකත් හිතෙයි
මුහුද බැණුම්
අසයි ලුණු වෙලා

Loku said...
This comment has been removed by the author.
Loku said...
This comment has been removed by the author.

Post a Comment