Monday, March 22, 2010 by සචී

සිත්තරුව...
සිතුවමට පමණක් ම
පෙම් බැන්ද නුඹේ
පෙම්වතිය වෙමි..
නුඹට නොදැනෙන විලස
හෙරක සේ ළඟින් හිඳ
මියුරු වෙණ වයන්නෙමි
මා වයන වෙණ සරට
කෙමෙන් ජීවය දෙමින
නුඹ අඳින
සිතුවමට
පෙම් බඳිමි...

23/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment