ඔබ අනන්තයි.......

Saturday, March 20, 2010 by සචී

සිතුවාට
ඉවර නැති
දිග ම සිතුවිල්ල
ඔබ

දුටුවාට
නිම නොවන
දිග ම සිහිනයයි
ඔබ

හෙළුවාට
සිස් නොවන
දිග ම සුසුමකි ය
ඔබ

ගයා
නිමකළ නොහෙන
දිග ම ගීතයයි
ඔබ

18/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment