Anticipation....

Saturday, March 20, 2010 by සචී

පොද වැස්ස වැටුණාම
මල් කැකුළු පිපුණාට
දැවෙන ඉර
රැගෙන එන
පණිවිඩය
ඉඩෝරය ළඟ ම බව.

මඳ පවන රළු වේ ද...
දිය කඳුරු වියැළේ ද..
මල් පඳුරු මියැදේ ද..
විහඟ ගී ගොළු වේ ද...

ජීවිතය නවතී ද.....?

18/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment