Monday, March 22, 2010 by සචී

මගේ
සිත් වෙරළ දිග
බරැති අඩි තබ තබා
නොසිතා ම ඇවිද ගිය
ඔබේ
පා පතුල් වැද
ගැඹුරු සටහන් ඇඳී
කඩතොළුව ගිය පසුව,
දහිරියේ රළ ඇවිත්
සුමට කළ
වැල්ල මත
සෙමින් පා නගා යමි
යළි නොපෑරෙන විලස

23/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment