නුඹ....!

Sunday, June 13, 2010 by සචී
නුඹ
මගේ හද උපන්
සියපත ය
කිසිම දා කිසිවෙකුට
නෙළා ගන්නට නොහැකි...

නුඹ
මගේ සිත් අහස
තාරපති
වළාකුළකට කොහෙත්
වසා ගන්නට නොහැකි...

නුඹ
ම'හද වෙරළ රැඳි
මුතු කැටකි
කිසිදු රළ පහරකට
රැගෙන යන්නට නොහැකි...

නුඹ
ම'සිත නිබඳ දිලි
පහන් සිල
කිසි පවන් රැල්ලකට
නිවා ලන්නට නොහැකි...

13/06/2010
Posted in | 4 Comments »

4 comments:

Anonymous said...

සචී ...

නුඹ විසල් නුබ ගැබයි
ආදරය දැරිය හැකි

රොහාන් said...

Meka mama ussanawa sahi lassanai

සචී said...

ස්තුතියි වත්!

සචී said...

ස්තුතියි!
කමක් නැහැ....

Post a Comment