'නපුරු පාලකයෝ තුන්දෙනා'

Tuesday, February 22, 2011 by සචී
කියවමි නැවත
ආසාවෙන් කියවූ කුඩා කල..
'නපුරු පාලකයෝ තුන්දෙනා'

මෙවර කතාවේ
නටන පාද ලා බොහෝ ය..
භූගෝල ගුරුවරුද අසරණව..
නහය උඩ
කුරුලෑව පමණක් ඇතිව..
ඔටුන්න හිමි ටුට්ටි
තවම බොළඳය..
කවදාවත්
වැඩිහිටි නොවන පාට ය..

මහළු අව්ගුස්ටෝ
කොහිද?
සර්කස්කාර ටිබුල්
අතුරුදන් වී වත් ද?
සුන්දර සුවනී
නොමැත ඉපදී තවම.

අහසේ තරු අල්ලන්නට
වැලි මිරිකා වතුර ගන්ට
පුළුවන් අර්නේරිලා
නැත
යන්නට ගොසිනි රට හැර.

ප්‍රොස්පේරෝ
එන්න
බලා ඉන්නෙමු අපි
එනතුරා ඔබ
නිල් ඇස් සහිත
සෙබළා ද කැටිව.

23/02/2011
Posted in | 1 Comment »

1 comment:

LishWish said...

කාලයකට පසුව..!
සුපිරි කවි පෙළකි..! ජය!!

Post a Comment