සඳ පහන.....

Friday, August 27, 2010 by සචී
ගොඩ බිමට පාර කී
පහන් ටැඹ
විහිදි එළියට වඩා
සරැළි දිය මත දිලී
දියඹ වෙත මග කීව
සඳ පහන
රසඳුනක් වූ අරුම..!

නිමිත්ත: පසුගිය ඇසළ පෝදා සැන්දෑවේ පොල්හේන වෙරළේ දී දුටු සොඳුරු දසුන
Posted in | 1 Comment »

....................!

Thursday, August 12, 2010 by සචී
කොඳ කුමුදු පිපෙන්නේ
සඳ කිරණ වැදී මිස
කණමැදිරි එළියටැයි
කවුරුවත් කීවාද...?

පෙර'ඹරින් හිරු නැගී
අලු විහිදි කල විනා
මැටි පහන් එළියකට
නෙළුම් මල් පිපුණා ද..?

13/08/2010
Posted in | 0 Comments »

වැරදීම...!

Wednesday, August 4, 2010 by සචී
බාගෙට ඉදුණ
ජැම්සන් ගෙඩියක්
කෑව පැණි කුරුල්ලෙක්
බැණ අඬ ගාන්නටත් නොහැකිව
හොට ඇලී
කේන්තියෙන්......

04/08/2010
Posted in | 0 Comments »