එදා අප සමග එක්ව ගිය වුන්
අද එකම දුම්රියේ
වෙනත් මැදිරියක යති…
ගමනේ ආරම්බයත්…. අවසානයත්
එකටම සනිටුහන් වන මුත්
අප යන්නේ වෙන වෙනමය
"කට කටස්…කට කටස්"
දුම්රිය මැදිරි දෙදරද්දී
හිත නම් හීරුනා
ඒත් මං හිනැහුණා…
"6 වැනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය
කොළඹ කොටුවට පමණයි"
යකඩ කට පැවසුවා
- නිමන්තා ලියනගේ
එකම දුම්රියේ වුව
වෙන වෙනම මැදිරිවල
යනෙ’න අය වාගේ ම…
එක ම මැදිරියේ නැග
ලඟින් හිඳ යන අය ද
හැම විටෙක
තම ගමන
තනි තනිව
නිම කරති…!
- සචී
10/08/2011