Sunday, June 13, 2010
by සචී
සුළඟ....
අලුත් කොළ මිදුලට රැගෙන විත්...
මිදුලෙ වූ කොළ කැඳවගෙන යන....!
13/06/2010
Posted in |
Saturday, June 12, 2010
by සචී
ගඟ හඬාගෙන ඇවිත්
කියූ දුක් ගිනි
හෙලූ කඳුළැලි
දරා ගත්ත ද සයුර
කිසි දොසක් නොනඟා ම..
සයුරු දුක් වඩදිය ගැලූ සඳ
ඈ කඳුළු දිය බාර ගන්නට
ගඟක් කවදා කැමති වේවි ද..?
12/06/2010
Posted in |
Wednesday, June 9, 2010
by සචී
ධනුෂ්කා නිශාදි කුලරත්න ගේ කවියක් නිසා ලියවුණකි.
අතොරක් නොමැතිව දොඩවන
ගොළු නුඹ හා මම
නංවන..
නිහඬබවේ ඝෝෂාවෙන්
බිහිරි ව ගොස් ඇත
දෙසවන...!
09/06/2010
Posted in |
by සචී
මහනෙල් කොළයක් මත
රතු පාට බත් කූරෙක්
මහත් ඉවසිල්ලකින්.......
තවම දිය යට හිඳින
පුංචි මහනෙල් කැකුළ
පොකුණ මතු පිටට විත්
පෙති විදා පිපෙන තෙක්..!
09/06/2010
Posted in |
Friday, June 4, 2010
by සචී
කොයි තරම් තරු ඇතත්
පාළු කපමින් අවට
තනිකමින් සුසුම් ලයි
පුංචි ඉරබටු තරුව...
සඳ නොමැති රෑ අහස
දරා ගන්නට බැරිව...!
04/06/2010
Posted in |
Monday, May 31, 2010
by සචී
සඳ වළාවක හැංගුණ
දසතම අඳුර රජ වුණ
පාළු හැන්දෑ යාමෙක
මිය ගියා මගෙ සිහිනය...
මාලතී මල් සුපිපෙන
දෙණි බිමක..නුග සෙවණක
මිහිදන් කළෙමි එ'සිහින
සීරුවට ගෙන දෝතින...
සොහොන් බිම මත විසිරුණ
වියළි පර මල් පිසලන
නුග මුල් සොවින් බර වුණ
සැලෙද්දී මඳ පවනට....
බොඳවුණු නෙතින් වැගිරුණ
කඳුළු පැන් තෙල් වත් කොට
හිතේ ගින්නෙන් දැල්වුව
පහනක් තබා තනියට....
අගුළු ලෑ හිත තනිවම
හඬද්දී හොර රහසෙම
බරැති පියවර තබමින
නික්ම ආවෙමි සදහට......!
31/05/2010
Posted in |
Friday, May 28, 2010
by සචී
වෙසක් බලන්නටත් නොගොහින්
සඳ ඇවිත්......
කොස් ගහේ නතර වී.......
දුක සැප අහන හැටි
වටේ දැවටී ඉන්න
වළාවන්ටත් හොරෙන්.....!!!!
28/05/2010
Posted in |
Wednesday, May 26, 2010
by සචී
සොඳුරු වුව
නොමැති කිසි පල
මල්-පැපොල් ගහේ මල්
පිපී පරවී බිම හැලී යන...!
27/05/2010
Posted in |
Friday, May 21, 2010
by සචී
හිත් පොකුණ මත වැටී
ලොකු රැළි
කුඩා රැළි
නඟන
හිතිවිලි වැහි බිංදු......!
21/05/2010
Posted in |
by සචී
දුක සැප අහන්නට
හැමදාම පැමිණෙන
කහ කුරුල්ලාගෙ බැල්මට
විළි වැදී
රෝස පැහැ ගැන්වුණු
ලා කහ පාට කුරුඳු දළු....
22/05/2010
Posted in |
Thursday, May 20, 2010
by සචී
කැදැල්ලේ උණුහුම
හොඳින් හඳුනන නිසා
සිතූ දුර පියාඹන
සියොතුන්....
21/05/2010
Posted in |
Tuesday, May 18, 2010
by සචී
මම
වැහි දියෙන් පෙඟී ගිය
දිරාපත් ගස් කඳක්..
ඔබ
ඒ මත පිපුණ....
වැහි වළාවෙන් මිදුන
හඳ එළියෙ දිලිසෙන
එකම එක
බිම් මලක්...
19/05/2010
Posted in |
Monday, May 17, 2010
by සචී
මල් වරා
දළු පැළැඳි
සේපාලිකා ගහේ
ආයෙමත්
මල් ඇවිත්..!
18/05/2010
Posted in |
Sunday, May 16, 2010
by සචී
මැරුණු තණපත්
වත්ත පහළට අරන් යන්නට..
ගහ කොළට
දළු දම්මවා
නව පණක් දෙන්නට
පිච්ච වැල්
සුදු මලින් ගවසා හැඩ බලන්නට
ඔන්න ඇවිදින්
නොනවතින වැහි..!
16/05/2010
Posted in |
by සචී
හිතේ හැටියට
නිවී හැනහිල්ලෙ
නිදන්නට ඉඩ නොදෙන
වදකාර
ගෙමැස්සා..!
16/05/2010
Posted in |
Wednesday, May 12, 2010
by සචී
අහස....
කරුණාවන්ත.
කළු කරගෙන මූණ...
හංගගෙන කඳුළු....
එව්වෙ කහමල් විතරමයි..
ගහ අත...
මම ඒ යටින් යනකොට..!
13/05/2010
Posted in |
by සචී
ගින්නට හසුව
මිය ගියේ යැයි සිතුව
ගස් කඳක
රතු පාට
නැවුම් දල්ලක්..!
12/05/2010
Posted in |
Monday, May 10, 2010
by සචී
වරින් වර
අහස වෙත
තටු සළා ඉගිළ ගිය
සමණළුන්
යවමි මම
සිසිර තරු නින්දකට.......
උන් මෙතෙක්
තටු සැලූ
රිද්මයට සසල වුණු
අවසාන
පවන් රොද...
අවසරයි වියැකෙන්න....!
10/05/2010
Posted in |
Sunday, May 9, 2010
by සචී
උඩ ඉගිලෙන මෙරු..
මගුල් බතට
පේළියට
වාඩිවුණ කවුඩෝ...
09/05/2010
Posted in |
Friday, May 7, 2010
by සචී
පාවෙලා යන
වළා රොද නුඹ
සුසුම් සිරවුණු
ගිරි සිරස මම
හමාගෙන යන
පවන් රළ නුඹ
සෙමෙන් සසැලෙන
තුරු හිසයි මම
දියඹ වෙත යන
සයුරු රළ නුඹ
බලා හිඳිනා
වෙරළ වෙමි මම
සැඟවිලා යන
සැඳෑ හිරු නුඹ
දෑස රතු වුණ
අහස් කුස මම
08/05/2010
Posted in |
by සචී
දවල් තිස්සේ
ගත පුළුස්සා
රැයේ
සඳ අත
සොමි කිරණ
එවන
හිරු..!
07/05/2010
Posted in |
Wednesday, May 5, 2010
by සචී
අලුයම් සිහිනය:
අළු ගොඩක් මත
මෙරු පියාපත්.....!
05/05/2010
Posted in |
Tuesday, May 4, 2010
by සචී
මඳ පවන...
පාවී ආ වරා මලක්
වක්කළමක
දිය සුළියක....
05/05/2010
Posted in |
Saturday, May 1, 2010
by සචී
රෑට රෑට හොරෙන් අඬන
අහසේ
දුක බෙදා ගන්න
ගේ දොරකඩ පිච්ච වැලත්
මල් සේරම
බිම හලාන..!
02/05/2010
Posted in |
by සචී
වේදනා හේදෙන්න
හඬාගෙන වැටුණාද
හිතේ නැගි අකුණු සර
වසංගනු හැකි වීද
මේ තරම් ඉක්මනට
හිත හදා ගත්තාද..
තරු එක්ක හිනැහෙන්නෙ
බොරුවට ද
නුඹ
අහස?
01/05/2010
Posted in |
Friday, April 30, 2010
by සචී
ඊයෙ රෑ ඉකි බින්ද
අහස ගැන
වගක් වත් නෑ වගෙයි
කවුළුවෙන් එබීගෙන
සිනාසෙන
නැවුම් අලුයම් හඳට...!
01/05/2010
Posted in |
by සචී
නුඹ
බක් මහ.
ඇවිත් ගිය දා පටන්
මගේ හිත් අහසේ
අකුණු...!!
01/05/2010
Posted in |
Thursday, April 29, 2010
by සචී
ඊයෙ තිබුණු
මන්දාරමේ හැටියට
කොහොමවත් හිතුණෙ නෑ
දකින්නට හැකියැයි
අද
මේ තරම් පැහැදිලිව...
29/04/2010
Posted in |
Wednesday, April 28, 2010
by සචී
හමා යන සුළඟේ
පාව ආ වරා මල
මුදුව සිපගෙන කොපුල
සෙමින් බැස පොළොවට
නිදයි වැතිරී
මා දෙපා මුල
28/04/2010
Posted in |
Monday, April 26, 2010
by සචී
නිල් පාට අහසක පාවෙන
සුදු පාට වළාකුළු එක්ක
අපූරුවට ගැළපෙන
කහපාට ගම්මාළු මල්...
27/04/2010
Posted in |
Saturday, April 24, 2010
by සචී
තදින් වියවුණ
රුක් ගොමු අතර
හැංගි මුත්තං වැරදුණ
සොඳුරු උඩවැඩියා මලක්....!
24/04/2010
Posted in |
by සචී
මහ වැස්ස......
දියබත් ව යන බව
දැන දැන ම
හිස ඔසොවගෙන
බිම් මල......!
24/04/2010
Posted in |
Wednesday, April 21, 2010
by සචී
'අයාලේ ගිය සිතක සටහන්'
කියවන
මගෙ අයාලේ ගිය හිතට
හොරකු යැයි රැවටුණ
කිරළෙක්
අන්න හඬාගෙන අහසට....!
22/04/2010
Posted in |
Tuesday, April 20, 2010
by සචී
නිල් ම නිල් අහස යට
කොළපාට තුරු වියන
මැදින් අහසට නැගුණ
කණකොකා ගේ සුද...!!!!!!!!
20/04/2010
Posted in |
by සචී
මද්දහනේ
ගිනිගත්ත ඉර යට
කකියන මහමග මැද
ඈතින් පෙණුන ජලකඳ
ළඟට ගොස් බැලු සඳ
ගෙන ගොස් තිබුණි කවුරුද....!
20/04/2010
Posted in |
by සචී
පර වී ඇද හැලෙන
ඇහැළ මල් පෙති සමඟ
තරඟෙට
ඉදුණු මැයි මාර කොළ...!
20/04/2010
Posted in |
Friday, April 16, 2010
by සචී
දැල්වුණු බඹර චක්‍රය
සුන්දරව
කැරකෙමින් හිඳ...
නිවී ගියේය සදහට
දෑස් අබියස එළි පුළිඟු ද
ගෙබිම මත පිළිස්සුම් ලකුණු ද
මඳකට
ඉතිරි කොට..
16/04/2010
Posted in |
by සචී
අඳුර.
දැල්වූ සැණින්
තාරුකා විහිදුවමින්
දැවී ගිය නිලා කූර.
නැවතත්
හාත්පස දැඩි අඳුර..!
16/04/2010
Posted in |
Thursday, April 15, 2010
by සචී
අහස්කූරක නැගී ගොස්
දසත විසිරී
නැවත පොළොවට එන
තරු අතර
එකකට..
පාර අමතක වී
අහසේම නතරව....
මා දිහා බලාගෙන.....
15/04/2010
Posted in |
Tuesday, April 13, 2010
by සචී
ගහෙන් ගහට
යන සියොතුන් දැක්කාම
ඇහෙන් ඇහැට දුක ගලනා
හැම දෙන ම
රැසෙන් රැසට
හිරු යන හැටි දුටුවාම
දොරින් දොරට
සුබ පැතුමන් දෙන අරුම....!!!!
13/04/2010
Posted in |
Monday, April 12, 2010
by සචී
නුඹ අහස...
පායාවි යි සිතන විට
වහින..
වහීවි යි සිතන විට
පායන..!
12/04/2010
Posted in |
by සචී
ගලාගෙන යන ගඟ
හරස් කොට
බැන්ද පොඩි වේල්ලට
නවතන්ට හැකි වේද
ඒ උඩින් ගලා යන,
මහ වැසි රැගෙන ආ ජල කඳ..?
12/04/2010
Posted in |
Saturday, April 10, 2010
by සචී
අද හවස
කඩා දමන්නට නියමිත
මකුළු දැල
යුහුසුළුව බඳින
මකුළුව..
මට දුකයි උඹ ගැන....!
11/04/2010
Posted in |
Friday, April 9, 2010
by සචී
එළිය දෙසට පිටුපාගෙන
අඳුර දෙසට නුඹ යන සඳ..
නුඹට ඉදිරියෙන් හිඳගෙන
නුඹේ තනිය දුරු කළ මුත්....
එළිය වෙතට යන ගමනේ
නුඹ පසුපස එන මා ගැන
නොතැකුවාට
තරහක් නැත...
10/04/2010
Posted in |
by සචී
රිදුණ සැණෙකින්
'ඉතින් නම් නොනැගිටිමි' යි හිතාගෙන
හැකිළෙන....
වැඩි වෙලා යන්ට පෙර
අමතකව සියල්ලම
නැවත නැගිටින....
මෝඩ නිදිකුම්බා පඳුර
09/04/2010
Posted in |
by සචී
අහස සූරාගෙන
ඇද හැලෙන වැස්සටත්
බැරි වෙන හැටි
හෝදලා දමන්නට
හිත් මළ..!
09/04/2010
Posted in |
Wednesday, April 7, 2010
by සචී
ඊයෙ තද දම් පාට
නමුදු
අද සුදු පාට
තන්බ'ජියා මලක්......
ඒ අසල,
හිත රිදී
තරහවෙන් රතුව ගිය...
වෙනතකට නෙත් යොමාගෙන හිඳින කටුස්සෙක්....
නොමැති බව මල අතෙහි
කිසි වරද
ඌට කියනුයෙ කවුද..?
07/04/2010
Posted in |
Tuesday, April 6, 2010
by සචී
කලලේ උපන
කලලේ වැඩෙන
කලලේ මියෙන
එසේ වුව...
කිසිම දින
කලලේ නොගෑවී
නිකසලව සිනාසෙන
උස් ව පිපි
නෙළුම් මල...!
07/04/2010
Posted in |
by සචී
ගණ අඳුරු රාත්‍රියේ
හාත්පස එකලු කළ
විදුලි අකුණ නොවන්නට
කොහොම දැක ගන්නද
රහසෙම පිපුණ
සොඳුරු කඩුපුල් මල......
06/04/2010
Posted in |
by සචී
නුඹ..
මහා නෞකාව....
ඒ නැවේ
අවරපෙති ළඟ
දැවටුණ
කොල්ලෑව වත් නැති
ඔරුව
මම...!
04/04/2010
Posted in |