සඳ වළාවක හැංගුණ
දසතම අඳුර රජ වුණ
පාළු හැන්දෑ යාමෙක
මිය ගියා මගෙ සිහිනය...
මාලතී මල් සුපිපෙන
දෙණි බිමක..නුග සෙවණක
මිහිදන් කළෙමි එ'සිහින
සීරුවට ගෙන දෝතින...
සොහොන් බිම මත විසිරුණ
වියළි පර මල් පිසලන
නුග මුල් සොවින් බර වුණ
සැලෙද්දී මඳ පවනට....
බොඳවුණු නෙතින් වැගිරුණ
කඳුළු පැන් තෙල් වත් කොට
හිතේ ගින්නෙන් දැල්වුව
පහනක් තබා තනියට....
අගුළු ලෑ හිත තනිවම
හඬද්දී හොර රහසෙම
බරැති පියවර තබමින
නික්ම ආවෙමි සදහට......!
31/05/2010
1 comment:
ඇයි ගියේ විගසින්..
විඩා නිවුනේ බැවින්...
වලාකුළු පරයමින්..
එබී බැලුවා යලිත්..
ඔබ කොහේදෝ ගොසින්.....
Post a Comment