Monday, March 22, 2010 by සචී

බෙහෙත් බැඳ පිටිකර
පය බරවාය ට
මාරු කළ මුත් කොට්ටය
හිසේ රුදාව ට
පලක් නොමවිණ
අන්තිමේ බලන විට
ලෙඩා මිය ගොස් ඇත
බඩ සුද්ද වූවා ට


04/03/2010
Posted in | 0 Comments »
by සචී

එකිනෙකා
මූණ වත් නොබලන
අය
වෙන වෙන ම හිඳ
ගැයුවා
'
එක මවකගෙ දරු කැළ බැවින්
පමා වී නොයමු' යැයි...

03/03/2010
Posted in | 0 Comments »
by සචී

පොකුණ පසුකර යන විට
නිල් මහනෙල් මලෙහි
වසා සිටි
රතු පාට බත් කූරා
ආපසු එන විට
මහනෙල් කොළය මත..

03/03/2010
Posted in | 0 Comments »
by සචී

අරවින්ද පෙත්ත මත
නතර වී මොහොතකට
බලා හුන් පිනි බිඳුව
ඉක්බිති ව
රූ රා ගොස් සෙමින්
එකතු විය
විල් දියට...!

01/03/2010
Posted in | 0 Comments »
by සචී

රෑ පුරා
ඇද හැලෙන
මහ වැස්ස.. .. ..
පහුවදා..
නිල් කැටේ
වගෙ දිලෙන
කුඹුක් ළිඳ..!!!

01/03/2010
Posted in | 0 Comments »
by සචී

මෙතෙක් කල්
හඬන්නට
ලකුණකුදු නොපෙන්වා
හංගාන හැම දුක ම
දරාගෙන සිටි අහස
මෙන්න
එක පාරට ම
හඬාගෙන වැටෙනවා...!!
තව ඉන්න බැරිව ඇති
ඉවසීමෙ සීමාව
සෙමෙන් ඉක්මෙන්න ඇති...!

28/02/2010
Posted in | 0 Comments »
by සචී

නවම් මහේ
වියළි සුළඟේ
නැළවෙන
ඇහැළ මල් කිනිත්තකි
නුඹේ පෙම මට..!

28/02/2010
Posted in | 0 Comments »
by සචී

මහගෙදර දොරකඩ
ඇහැළ ගහ
කහ පාට මල් පොකුරු
පොරවගෙන
ඒත්
මොනවට ද...
මේ
නවම් මහ...!

28/02/2010
Posted in | 0 Comments »
by සචී

ලොකුම දුක
ඇනෙන එකද
ඇහේ කටු
නැතිනම්
අන්ධ වී යන එක ද..?

27/02/2010
Posted in | 0 Comments »
by සචී

වහින කොට හිතුවා
අනේ නවතිනව නම් වැස්ස..!
දැන් හිතෙනව
මොනව උනත් කමක් නෑ
වහිනව නම් හොඳයි
කියල

27/02/2010
Posted in | 0 Comments »
by සචී

අහස
මෙහෙම
වේලිලා
නොයිඳ
අරං එනව නම්
එකම එක
වළාවක් වත්...!

27/02/2010
Posted in | 0 Comments »
by සචී

ජනේලෙන් එපිට
එබී බැලුව ම නිකමට..
මිදුණු සුළඟත්
කොළයකුදු නොසොල්ලා
බුම්මා ගත් ගස් වැලුත්
අතර
පියාඹා යන
පණ ගැහෙන
එකම එක කහපාට සමණලයෙක්
දිලිසුනා
බහින හිරුගේ
රත් පාට රැස් දහරට

26/02/2010
Posted in | 0 Comments »