පැටලීම....!

Friday, July 30, 2010 by සචී
උදෑසන
තණ බිස්ස මත
මකුළු දැලක රැඳවුණ...
හිරු රැස් වැදී දිලිසෙන
පිනි බින්දුවක්....
එහි රුවින් මත් වී
තමාගෙම වියමනෙහි පැටළුන
මකුළුවෙක්....!

30/07/2010
Posted in | 3 Comments »

Rejuvenation...

Saturday, July 17, 2010 by සචී
සඳලුතලයට විහිදුණ
කොස් අත්ත
පා කරන්නිය සුළඟට
වරින් වර
සිය වියළි කොළ..
ඉඩ දෙනු පිණිස
අලුත් දළු වලට.

17/07/2010
Posted in | 1 Comment »

ඇසළ සඳ..

Friday, July 9, 2010 by සචී
නළල දිග
සින්දූර ගලා ගිය
කළුම කළු දැළි සුසුම්
අහස් කුස ඉඹ ගත්ත.....,
පාළු මූසල රෑක
වෙඩි වැදී
තනි තරුව බිම වැටුණ....,
කඳුළු මතකය අරන්
හෙමි හෙමින් නැගෙනවා
ඇසළ සඳ...!

09/07/2010
Posted in | 3 Comments »

Lovely jealousy..!

Wednesday, July 7, 2010 by සචී
හිරු දැක පිපුණ
මහනෙල් කැකුළ අබියස
ඉරිසියාවෙන් රතුව
බත් කූරෙක්....
මහනෙල් කැකුළ
ඒ ගැන තුටින්...
මඳ සිනා පාමින්...

07/07/2010
Posted in | 1 Comment »

පොද වැස්ස....!

Monday, July 5, 2010 by සචී
අද පිපී
හෙට මියෙන
අහිංසක
බිම් මල් රැගෙන
ආයෙමත් ඇවිත්..
සියුම් තුඩු දහසක් වගේ
මුහුණත වැදෙන
හීනි පොද වැස්ස....!

05/07/2010
Posted in | 0 Comments »

Negligible.......

Sunday, July 4, 2010 by සචී
දියවෙලා තියෙන ලුණු
නොසළකා හැරිය විට
සප්ත මහ සාගරේ
පිරෙන්නම ඇත
වතුර..!

30/06/2010
Posted in | 7 Comments »